Saturday, August 15, 2009

පෙරහැරට පසුව දෙවිනුවර

දෙවිනුවර අවසන් පෙරහැර දිනය‍ට පසු දින උදෑසනම මට එම ප්‍රෙදේශය හරහා යන්න වුණා‍. එම ප්‍රදේශය හරහා ගමන් කරන සියලු දෙනාගේම සිරිත දෙවිනුවර පූජා‍‍‍‍‍‍භූමිය‍ට පඩුරු පුජා කිරීම සාමාන්‍ය සිරිත වේ. එබැවින් බස් එක දෙවිනුවර පූජා‍‍‍‍‍‍භූමිය‍ අසල නතර කළ විට එම ප්‍රදේශය දෙවිනුවර උත්සව කාලය අවසන් වීමෙන් පසු ‍කෙතරම් විනාශය කට ලක්ව ඇත්දැයි දුටුවෙමි. ප්‍ර‍ධාන දූෂකාරකය ලෙස පොලිතින් පොළොව නොපෙනෙන තරමටම පොලිතින් ඇතිරිල්ලක් ලෙස මුලු පූජා‍‍‍‍‍‍භූමිය ප්‍රදේශයම වසා පැතිරී තිබුනි. වෙනදාට ඉතාමත්ම ලස්සන නිසන්සල පෙදෙස අප විසින්ම මොනතරම් විනාශය කට පත් කර ති‍බේද? මෙය ඉතාමත්ම කනගාටුවට කරුනකි. මේරට පාලකයන් විසින් පොලිතින් ව‍‍ලින් සිදු වන පාරිසරික විනාශය අවම කිරීමට ගත් බොහේ පියවර සම්පූර්ණයෙන්ම වාගේ අසාර්ථක වී ඇත. තවත් පියවර සමහරක් මගින් බහුජාතික සමාගම් වල ලාභය තව තවත් වැඩි වූවා මිස අපේ පරිසරයට ඒ වායින් සිදු වූ සෙතක් නැත. ඉතාමත්ම සරල උදාහරණයක් ලෙස අපේ බත් පත එතීමට යොදා ගන්නා Lunch Sheet සලකමු මෙම නව නීති ගෙන ඒමට පෙර ඒවා Lunch Sheet 100 packet එකක් රුපියල් 10 පමන විය එහි ඝණකම 20 micro meter වූ බැවින් ඒවා තහනම් කර ඊට වඩා ඝණකමින් වැඩි Lunch Sheet නිකුත් කිරීමට නියෝග කෙරුනි. ඒ සමගම නව ඝණ කමින් වැඩි Lunch Sheet 100 packet එකක මිල රු 50 කට පමණ වැඩි විය ටික කාලයක් පැවතුනු එම ඝණ කමින් වැඩි Lunch Sheet ඉබේටම නැති වී නැවතත් පරන ඝණ කමින් යුතු Lunch Sheet මෙම නව මිල යටතේ අපට මිල දී ගැනීමට සිදු විය. වර්තමානයේ මිල ගනන් තව දුරටත් වැඩි වී ඇත. එබැවින් මෙම නව නීතිය නිසා වාසි සැලසුනේ පාරි‍භෝගික අපටද, නොමැති නම් සාමාගම් වලටද කියා ඔබට හොදින්ම වැටහෙනු ඇත. එමෙන්ම ජංගම දුරකතන සදහා පැනවූ පාරිසරික බද්දෙන්ද පරිසරයට වූ සෙතක් නම් නැත. මෙලෙස ගත් තවත් බොහෝ පියවර වලදිත් මෙම තත්වයේ වෙනසක් නැත. එබැවින් අද රටට අවශ්‍ය වනුයේ සුරංගනා කතා වල මෙන් විසදුම් නොව රටේ සැබෑ අවශ්‍යතාව හදුනාගෙන ක්‍රියාත්මක කරනු ලබන ප්‍රායෝගික පියවර වේ. මේ තත්වය දැන්වත් බලධාරීන් තේරුම් ගත යුතුව ඇත. පොලිතින් භාවිතය අවම කරවීමට සහ පොලිතින් වෙනුවට ආදේශක ප්‍රචලිත කිරීමේ අභියෝගය අද රට හමුවේ ඇත. පාරිසරික බලධරයිනි දැන්වත් රට ගැන සිතා ක්‍රියා කරනු. අද රට ඔබෙන් ඉල්ලනුයේ එයයි‍. ඔබේ මව්බිමේ හඩට කන්දෙන්න.

No comments:

Post a Comment