Wednesday, September 29, 2010

Film 300mb වලට අඩු කර ගමු

සාමාන්‍යයෙන් ගොඩක් movies බාගත කරාම පවතින්නේ .avi කියන format එකෙන් එ විදිහට තමයි DVD තත්වයෙන්ම අපිට ඒවා නරබන්න පුලුවන් වෙලා තියෙන්නේ. ඒ ගොනුවක ප්‍රමාණය 700mb පමන වෙනව. නමුත් දැන් සමහර වෙබ් අඩවි මගින් ඒ තත්වයෙන්ම නමුත් ගොනුවේ ප්‍රමාණය 300mb වන movies ලබා ගත හැකියි. ඒ ගොනු පවතින්නේ .mkv කියන format එකෙන්. අද මම කියන්න යන්නේ අපි ගාව තියෙන Video එකක් .mkv format එකට හරවගන්නේ කොහොමද කියල. මමත් මේක හොයා ගත්තේ අන්තර්ජාලයෙන්ම තමයි.
  • ප්‍රථමයෙන්ම අපි කරන්න ඕන අදාල මෘදුකාංග ටික බාගත කර ගැනීම. ඒ සදහා පහත link එක හාවිතා කර එහි අඩංගු උපදෙස් පිළිපදින්න.
  • දැන් අපි අවශ්‍ය මෘදුකාංග පරිඝණකයේ පිහිටුවාගෙන අවසානයි. MeGui මෘදුකාංගය විවෘත්ත කර ගන්න. පුලුවන් නම් MeGui මෘදුකාංගය අදට update කරගන්න.
  • මීලගට Ctrl+R මගින් හෝ Tools--->AVS Script Creator මාර්ගයෙන් AVS Script Creator වින්ඩෝව විවෘත්ත කර ගන්න.
  • එහි video input හි ඇති button එක click කිරීම මගින් ඔබට අවශ්‍ය video ගොනුව ඇතුලත් කර ගන්න. එවිට එහි preview window එකක් විවෘත්ත වේවි එය close කරන්න.
  • දැන් වෙනත් කිසිදු වෙනස් කමක් නොකර (පෙර රූපයේ දැක්වෙන පරිදි) save button එක click කරන්න. එවිට නැවතත් preview window එකක් විවෘත්ත වේවි එය close කරන්න.
  • මීලගට Encoder Settings සදහා x264 ද, File format සදහා mkv ද, Audio input සදහා පෙර තෝරාගත් ගොනුවමද, Encoder Settings සදහා Nero AAC: NDAAC-HE-48kbps ද තෝරාගන්න.
  • දැන් එහි පහතින්ම ඇති AutoEncode button එක click කරන්න. එවිට Automatic Encoding වින්ඩෝව විවෘත්ත වේවි.
  • මෙහිදි අපිට ප්‍රධාන වෙනස් කරීමට හැකියි. දැන් container--> mkv ලෙස ද, output file එක save කර ගත යුතු ස්ථානයද තෝරාගන්න.
  • දැන් අපිට අපේ ගොනුවේ පුමාණය තීරනය කල හැකියි. එසේත් නැතිනම් video quality එක මත ගොනුවේ ප්‍රමාණය තීරනය වීමට ඉඩ හල හැකියි. වඩාත් සුදුසු යැයි මා සිතන්නේ දෙවැනුව කී ක්‍රමයයි.
  • එම නිසා මම Average bitrate ---> 600 ප්‍රමාණයට සකස් කරනව. (පහත රූපය බලන්න). එවිට නව ගොනුවේ ප්‍රමාණය අපට දැක ගත හැකියි.
  • දැන් queue button එක click කරන්න. ඊට පස්සේ Queue Tab එකට යන්න.
  • ඊලගට start button එක click කරල video එක encode නෙකම් බලා ගෙන ඉන්න. ඒකට ටිකක් විතර වෙලා යනව.
දැන් ඉතින් ඔයාල encode කර ගත්ත video එක බලල ඒකේ quality එක ගැන comment එකක් දාලම යන්නකෝ. මගේ මුල් ගොනුවේ ප්‍රමාණය 25mb නව ගොනුවේ ප්‍රමාණය 2.15mb.

6 comments:

  1. හොය හොය ඉඳපු භාන්ඩයක්...තෑන්ක්ස් මචාන්....

    ReplyDelete
  2. සෑහෙන දවසක ඉඳල මගෙ ලඟ මේ software එක තිබුණත් වැඩ කරන හැටි අල්ල ගන්න බැරුව හිටියේ.... නියමයි ලිපිය සෑහෙන්න උදව්ක් වුනා.....

    ReplyDelete
  3. @Dharshana
    ur welcome මචාන්...... හොදට වැඩ ගනින් මේකෙන්.

    @Buddhi
    උදව්වක් උනා නම් මට ගොඩක් සතුටුයි මගේ මේ ලිපියේ අරමුනත් ඒකයි.

    ReplyDelete
  4. නියමයි.
    මමත් සතියකට 5ක් විතර ‍ෆිල්ම් Down කරනව. ඒව DVD වලට රයිට් කරනකොට මේ ඉඩ ප්‍රශ්ණය මතු වෙනව. ඒත් මේක්‍රමෙන් නම් එහෙම වෙන්නෙ නෑ. නියමයි. මම හොයා හොයාම හිටිය ක්‍රමයක්. තෑන්කු මේක කියල දුන්නට !

    ReplyDelete
  5. HSDPA පාවිච්චි කරන අයට 300mb MKV Movies
    http://blog-buddhi.blogspot.com/2010/08/hsdpa-300mb-mkv-movies.html

    --- Saman Rathnayake ---

    ReplyDelete
  6. @Gaminda
    ඔබටත් බොහොම ස්තූතියි comment එකක් දැම්මාට.

    ReplyDelete