Friday, September 11, 2009

එක යහනක නිදා ගැනීම සෞඛ්‍යයට අහිතකර විය හැකියි

ලන්ඩන් (ටෙලිග්‍රාෆ්)

එක යහනක නිදා ගැනීම සෞඛ්‍යයට අහිතකර බව පර්යේෂණවලින් දැන් සොයා ගෙන ඇත. තම සැමියා හෝ බිරිඳ සමග යහනක්‌ බෙදා ගැනීම ආදරයේ සංකේතයක්‌ ලෙස අප විශ්වාස කළද එය සැපවත් නින්දකට විශාල බාධාවක්‌ වන බව එම පර්යේෂකයන්ගේ නවතම අදහසය. ඊට මූලික වී ඇත්තේ තම සහකරුවා හෝ සහකාරිය නිදා ගැනීමේ ඉරියව්ව වෙනස්‌ කරන වාරයක්‌ වාරයක්‌ පාසා අනෙකාගේ නින්ද කැඩීයැමය. විවාහක ජෝඩුවලින් 50% කට වැඩි සංඛ්‍යාවක්‌ මෙම තත්ත්වයට මුහුණදී ඇත.

ශරීරයට අවශ්‍ය පමණ නින්ද නොලැබීම තම තමන්ගේ සෞඛ්‍යයට ඉතා අහිතකර ලෙස බලපා ඇත. එය හෘද රෝගයේ සිට මානසික ආතතිය දක්‌වා දුර යන්නකි.

මෙම අහිතකර තත්ත්වය හැරුණු විට ගෙරවීම, දත්මිටිකෑම, නින්දෙන් දැඟලීම වැනි දේ බොහෝ විවාහකයන් ඉවසාගෙන එක යහනක නිදා ගන්නේ එය සංස්‌කෘතික වශයෙන් හොඳ ලක්‌ෂණයක්‌ ලෙස සලකන බැවිනි. වෙන වෙනම නිදාගැනීම හොඳ දෙයක්‌ නොවන ලෙස සැලකීමට අප පුරුදුව සිටිමු.

බ්‍රිතාන්‍යයේ නෝෆොaර්ක්‌ සහ නෝර්විච් යන විශ්වවිද්‍යාලයන්හි නිදා ගැනීම පිළිබඳ විශේෂඥ දොස්‌තර නීල් ස්‌ටැන්ලි පවසන්නේ සාමාන්‍ය ද්විත්ව ඇඳක පළල අඩි 4 අඟල් 6 බවය. ඊට අනුව සාමාන්‍ය ඇඳන් දෙකක්‌ සමීප කළ විට ඇති පළලට වඩා අඟල් 9 ක්‌ අඩුය. මෙවැනි තත්ත්වයක්‌ මත ගෙරවීම, පෙරළීම, අත් පා වැදීමෙන් නින්ද කැඩීයැම සිදුවන අතර එය හොඳ නින්දකට තනිකර බාධාවකි.

පර්යේෂකයන් පවසන්නේ වෙන වෙනම නිදා ගන්නවුන් වඩාත් සැපවත් නින්දක්‌ ලබන බවයි.

දොස්‌තර ස්‌ටැන්ලි මෙහිදී යෝජනා කරන්නේ තම තමන්ගේ සෞඛ්‍ය හා විවාහ ජීවිතය ආරක්‌ෂා කර ගැනීම උදෙසා දෙදෙනා කතා වී තීරණයක්‌ ගත යුතු බවය.

8 comments:

  1. මම නං තාම තනියෙන් නිදාගන්නේ :D තාම 17 නෙ.

    ReplyDelete
  2. අරුණ

    මේක ඇත්ත උනාට ප්‍රායෝගික වෙයිද...? :D කොහොමද දෙන්න ඇදන් දෙකක නිදියනකොට සැප නින්දක් ගන්නෙ..? :D :D

    ReplyDelete
  3. eekanam atta mama andura gatta wisanda gatta, dan sapata ninda yanawa , udeeta nona katha karanakota thamai thada wenne,

    ReplyDelete
  4. rata ona epakam ewara wela anith bed ekata gihin nida gattha num depatthama shape ne :-p

    ReplyDelete
  5. එතෙකාට පොඩි බඩගිනිවලට කවුද වගකියන්නේ

    ReplyDelete
  6. I can't say anything, Bt I believe there should be another solution.

    ReplyDelete
  7. දැන් ඕක ඇත්තක්ම නම් ඇදන් 2ක් එකතුකරන එකනේ තියෙන්නෙ
    මම මේ කල්පනා කරේ ඉතිහාසයේ ඉදන් අද වෙනකන් මිනිස්සු එකට නිදාගත්තා කියලා මොනවත් වෙලා නෑනේ කියලා

    ReplyDelete