Thursday, August 13, 2009

ඇසේ මානයෙන් ඔබ්බට


අප අවට සියලුම දේ අපේ ඇස් දෙකට පෙනෙනවද? මේ ප්‍රශ්ණයට ගොඩක් දෙනෙක් ඔව් කියල උත්තර දේවි, නමුත් මම මේ ලිපියේ සදහන් කරන දේ සිදුවෙනකන් ම මමත් එහෙමයි හිතුවේ. ඒත් දැන් ඒ ගැන ආයෙත් සැරයක් හිතල බලන්න මාව මේ සිදුවීම යොමු කළා. මම මගේ මුල්ම ලිපියේ සදහන් කල පරිදි පසුගිය සතියත මාත් මගේ පවුලේ අයත් තවත් නැදෑ හිතවතුන් පිරිසක් පොලොන්නරුවේ සංචාරය කළා. ඒ අතරෙදි අපි අගොස්තු මස 1 වෙනිදා සන්ද්‍යාවේ දි දිබුලාගල ආරණ්‍ය සේනාසනය බලන්න හිතාගෙන හවස 6.30 විතර එතනට ගියා. මුලින්ම තිබුණු පිරිත් මණ්ඩපය බලල ඊට පස්සේ ධාතු මන්දිරය නරබන්න යන්න කලින් මම පහල ඉදන් photo එකක් ගත්තා ධාතු මන්දිරයේ. බලන්න එකේ තියෙන සුදු පාට මිනිසෙකු පියාබලා යනවා වගේ තියෙන එළිය. photo ගන්න වෙලාවේ මගේ ඇස් වලට එතන කිසිම විදිහක ආලෝකයක් පේන්න තිබුනේ නැහැ. මම ඒවෙලාවේම එතන හිටිය අයටත් කියල ඒ අයගේ කැමරා වලිනුත් ඒවගේ ම ආයෙත් මගේ කැමරාවෙනුත් මුල් විදිහටම ඉදගෙන photos ගත්තත් ආයේ කිසිම සලකුනක් ඒවායේ දකින්න තිබුනෙ නැහැ.‍ මගේ මුල් photo එක මම මෙතන පෙන්නලා තියෙනවා. ඒ පෙන්න තියෙන ගොඩනැගිල්ල දිබුලාගල ආරණ්‍ය සේනාසනයේ ධාතු මන්දිරය. මේ සිදුවීම කිසිම කෙනෙකුට ඒ වෙලාවේ පැහැදිලි කරන්න බැරි වුනා. මේ විශ්වයේ අපට නොපෙනෙන නොදැනෙන තන කොතරම් දේ ඇතිද? මේ ගැන බේ අදහස් මට දන්වන්න. සියලු දේ ගැන විමසිලිමත් වීම වටී. අපට විශ්වාස නොවූ පනමනින් ම ඒවා අසත්‍ය විය හැකිද?

4 comments:

  1. මට නං හිතෙන්නෙ මේක ගත්ත වෙලාවෙ කැමරාව ඉස්සරහින් මොකෙක්හරි පොඩි සතෙක් ගිහිං. ෆ්ලෑෂරේ එළිය නිසා තමා සුදුපට වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  2. අප අවට තියන හැම දෙයක්ම අපිට පේන්නෙ නැහැ.. ඒක මම පිලිගන්නව.. උදාහරනයක් විදියට ශබ්ධය.. ශබ්ධය අපිට ඇහුනත් ඇහෙන්නෙ 20Hz- 20000Hz පරාසය විතරයි.. ඊට එහා සහ අඩුවෙනුත් තියනව.. කොහොම උනත් ඔයා මේ Photo එක ගත්තෙ Digital camara එකකින්නම් අනූ කිව්ව වගෙ දෙයක් වෙන්න ඇති.. Manual එකක් නම් Negetive එකේ Crack එකක් වෙන්න ඇති...

    ReplyDelete
  3. මගෙත් පොටො එකක ඔය වගෙ එකක් හම්බ උනා ඒ පොටො එක ගත්තෙ ඉන්දියවෙ මූලඝන්ධ කුටි විහරය ලඟදි, මටත් සැකයක් තියනව ඒ වෙලාවෙ එතනින් ගිය කුඩා සතෙකුගෙද කියල හැබැයි ඒකෙ ගැබුරත් එක්ක සංසන්දනය කරන කොට එහෙම නෙමෙයි කියල හිතෙනව, ඊට අමතරව මම ගත්තු පොටො ගොඩක රවුන් රවුන් බොහෝ ගානක් තියනව, ඒව ඔය පින් ගන්න ආපු භූතාත්ම කියල දිවැස් තියන කෙනෙක් මා සමග පැවසුවා, කොහොමත් අපි ඔය ගැන වැඩිය සැලකිලිමත් නොවුනට කමක් නෑ ඒත් එක් ජීවියෙක් පමනයි කියල හිතපුවම හරි, භූත, දෙවි, කෘමි, කුරුල්ලො, කොයි කෙනත් මේ ලෝ සතුන්ට අයිතිනෙ, දිඹුලාගල ස්වාමින් වහන්සේගේ අදිශ්ඨාන ශක්තිය ගැන හිතල අපි තුල දර්ම කාමී හැගීම් වල අදිශ්ඨාන ශක්තිය වැඩි කර ගත්තොත් තමා හොඳ. මොකඩ අපි දැන් ලෑස්ති වෙන්න ඕනෙ හොඳ ශක්තියකින් ශ්‍රී සද්ධර්මය සියලු සිත් සතන් තුට කා වැද්දීමට කටයුතු සැලසීමයි.

    ReplyDelete
  4. හරිම පුදුමයි....මොකක් වුනත් බුද්ධාගමේ අපි කියවල අහල තියන දේවල් එක්ක මේවගෙ දෙයක් පැහැදිළිකරන්න බැරිත් නෑ කියලයි මට හිතෙන්නෙ

    ReplyDelete