Sunday, October 4, 2009

‍මගේ පලමු ටොරන්ට් එක


ටොරන්ට් ගැන දැන ගත්ත කාලේ ඉදන්ම මගේ ලොකු ආසාවක් තිබුණා ටොරන්ට් එකක් හදන්න. මුල් කාලේ ගෙදරට High speed internet තිබුණේ නැති නිසා මේවා ගැන බොහොම අඩුවෙන් තමයි දැනගෙන හිටියේ. ඒත් ආසාව අඩු වුණේ නැහැ. ඊට ටික කාලෙකට පස්සේ ගෙදරට High speed internet ගත්තා, මම ගත්ත පැකේජ් එක මොබිටෙල් Zoom 890, free ලැබෙන්නේ 2GB විතරක් නිසා Uploading තියා Downloading වත් කලේ නැහැ. සාමාන්‍ය use වලට 2GB පනිනවා. ඒත් දැන් මොබිටෙල් සමාගම අපි වගේ customers ලා ගැන හිතලා limit එක 4GB කරපු නිසා Download වගේම Uploading නුත් ටිකක් කරන්න පුලුවන්.
ඒ අතරේ තමයි මට ටොරන්ට් එකක් හදන්න හිතුනේ, internet search කරල විස්තර ටිකක් හොයාගෙන මුලින්ම එකක් හැදුවා trackers ලත් site වලින් බලාගත්ත ඒවා දැම්මේ. ඔන්න ඉතින් දහසක් බලාපොරොත්තු තියාගේන torrent site එකකට upload කරල යාලුවෙකුට link එක යැවුවා download කරගනින් කියල. දෙන්නත් එක්ක chat එකක් දාගෙන රෑ එලි වෙකම් try කලා කෝ download වෙන්නේ නෑ. ඊ ලග දවසේ තව ටිකක් හොයල බලන කොටයි දන්නේ trackers ලා ලග register වෙන්න ඕන කියල. ඒත් තව open trackers ඉන්නවා ඕනම කෙනෙකුට use කරන්න පුලුවන් කියලත් හොයාගත්ත. ඊට පස්සේ ටොරන්ට් එක හැදුවා දැන් ඔය download වෙන්නේ නියමෙට.
හිතට පුදුම සතුටුයි වැඩේට. ඒත් ඉතින් අපිට ගොඩක් ලොකු files seed කරන්න බැහැනේ limited connection එකක් තියාගෙන. මම නම් හිතන්නේ අපි download කරනවා වගේම පුලුවන් අය ඉන්නවානම් seed කරන එක අපේ යුතුකම. files එක කොච්චර පරණ එකක් වුනත් ඒක ඕන කරන අය ඉන්න පුලුවන්.
Utorrent පාවිච්චි කරල අපිට පහසුවෙන්ම ටොරන්ට් එකක් හදා ගන්න පුලුවන්. මුලින්ම application එක open කරගෙන file, create new torrent හරි Ctrl+N keyboard short cut එක හරි භාවිතා කරල create new torrent window එක open කර ගන්න. add file හරි add directory හරහා අවශ්‍ය file එක හරි folder එක හරි select කර ගන්න. ඊට පස්සේ trackers ලා එක්කෙනෙක් හරි ඊට වැඩි ගනනක් හරි යොදන්න. එකකට වැඩිය යොදනවා නම් එක් එක් නම හිස් line එකකින් වෙන් කරල එකක් යටින් එකක් එන විදිහට සකස් කරගන්න. මම open trackers කිහිප දෙනෙක් මෙතන සදහන් කරන්නම්.

http://open.tracker.thepiratebay.org/announce
http://torrent-downloads.to:5869/announce
http://denis.stalker.h3q.com:6969/announce
http://www.sumotracker.com/announce
http://pirates.sumotracker.com/announce
http://tracker.openbittorrent.com:80/announce
http://tracker.publicbt.com:80/announce
http://tracker.bittorrent.am:80/announce

ඊට පස්සේ start seeding box එකේ tick එකක් දාලා create and save as click කරල ටොරන්ට් එක save කරගන්න.ඒ torrent එක torrent site එකකට upload කරල ආපහු ඒක download කර ගෙන share කර ගන්න එහෙම නැත්තම් site එකේ link එක share කරගන්න . හරිම ලේසි වැඩක්.
මම මුලින්ම හදපු ටොරන්ට් එක කැමති නම් මෙතනින් download කරගන්න. widescreen wallpapers ටිකක්. පුලුවන් අය ඉන්නවානම් ටොරන්ට් හදල share කර ගන්න. පුලුවන්නම් seed කරන්න. මගේ පලවෙනි torrent එකනේ...................!

5 comments:

  1. මේක නම් සෑහෙන වටින ලිපියක්, ගොඩක් ස්තූතියි මේක ලිව්වට

    ReplyDelete
  2. ඔන්න මමත් බාගන්න දැම්මා. බලමු කොච්චර වෙලාවක් යයිද කියලා :)

    ReplyDelete
  3. මට 30 min ගියා. මම බාද්දි සීඩර්ස් 2 උන්නේ, කොහොම උනත් ක්‍රිෂාන්ට මගේ upload speed එක උදව්වක් වෙන්න ඇති.

    කොහොම උනත් වැඩේ එල

    ReplyDelete
  4. @ප්‍රාර්ථන සහ @ ක්‍රිෂාන් downloading speed එකට සමහර වෙලාවට අපි පාවිච්චි කරන bit torrent client අනුවත් වෙනස් වෙනව. ඒක මම දැකපු දෙයක්. Utorrent එකේ download වෙන්නේ නැති ඒවා සමහර වෙලාවට BitLord එකේ download වෙනව. ඒ සමහර trackers ලාට support කරන්නේ නැති නිසා. කොහොම වුනත් මම පිටරට ඉන්න කිහිප දෙනෙකුටම මේ ටොරන්ට් එක seed කරන්න කිව්වා. ඒක නිසා downloading speed එක වැඩි වෙන්න ඕන. මේක download කරගත්ත නොගත්ත ඔයාල හැමෝටම ස්තූතියි.!!!!!

    ReplyDelete