Monday, September 27, 2010

Torrents Direct Download කර ගමුද?

අද වන විට Torrents කියන්නේ File sharing සදහා තිබෙන ප්‍රධානම ක්‍රමයක්. ඒත් මම වගේම ඔයාලත් අත් විදල ඇති Torrents වල Download speed එකේ අඩු බව. මේක වෙන්නේ හැම Torrent එකකම නෙමෙයි. ඒත් Direct Download තරම් හොද වේගයක් නොලැබෙන අවස්තා ඕන තරම් තියෙනව. මම අද කියන්න හදන්නේ Torrents Direct Download කරගන්න ක්‍රමයක්.

  • පළමුව කරන්න ඕන මම මෙතනදි දෙන link එක හරහා මේ site එකේ ලියාපදින්චි වෙන්න. www.torrific.com
  • එතනදි අදාල කොටස් පුරවා ලියාපදිංචිය තහවුරු කරගන්න. ඒක සරල නිසා මම තවත් ඒ ගැන කියන්න නැහැ.
  • දැන් ඔයාලගේ account එකට log වෙන්න. එය පහත පරිදි දිස් වේවි.
  • ඊලගට කරන්න ඕන අවශ්‍ය කරන Torrent එක තියෙන තැනට යන එක. එතනදි Torrent එක download කරන link එක copy කරගන්න.
  • ඊලගට ඒ copy කර ගත්ත link එක site අදාල තීරුවට paste කරල get button එක press කරල account එකට add කරගන්න.
  • එවිට site එක torrent එක download කරන්න පටන් ගන්නව.
  • ඒක ඉවර වුනාට පස්සේ අපිට පුලුවන් ඒක download accelerator එකක් වුනත් භාවිතා කරල download කරගන්න.
  • මේ ගැන ඔයාලගේ අදහසුත් මට කියන්න.

4 comments:

  1. මෙතනත් තිබුනා වගේ මතකයි ඔය ගැන....
    http://rajitha-sannasa.blogspot.com/2010/08/software-torrent-file.html

    --Saman Rathnayake ---

    ReplyDelete
  2. @saman
    ඇත්තද මම දැන ගෙන හිටියේ නැහැ ඒ ගැන.

    ReplyDelete
  3. මේකනම් කියල වැඩක් නැ.බොහොම ස්තුතී මේවගේ දේවල් බෙදාගන්නවට

    ReplyDelete
  4. @ Lasindu
    ඉස්සර මේ site එකට invitation එකක් නැතුව register වෙන්න බැහැ. ඒත් දැන් එහෙම බාධාවක් නැහැ. ස්තූතියි comment එකක් දැම්මට.

    ReplyDelete