Thursday, August 13, 2009

කාලෙකට පස්සේ ලස්සන කතාවක් (Wall-E 2008)

පසුගිය දිනත සවස් වරුවක කරන්නම දෙයක් නැති නිසා Film එකක් බලන්න හිතුවා, මගේ මුලු Film Collection එකම අවුස්සලා අවුස්සලා බලපු නැති Film ටිකක් හොයා ගත්තා. ඒ අතරින් Wall-E නම ටිකක් වෙනස් නිසා බලන්න හිතුවා. ඇත්තටම ගොඩක් ලස්සන Film ඒකක්. ඇයි මම මේක කලින් බැලුවෙ නැත්තේ කියල හිතෙන තරමටම ලස්සනයි. රොබෝවරු දෙදෙනෙකු අතර ඇතිවන බැදීම අපිව තවදුරටත් සිතීමටනව ප්‍රවේශයක් සපයනව. ඒ වාගේම පෘතුවියෙහි අගය හා එය විනාශය කරා ගෙන යාමේ ආදීනව මෙහි සියුම්ව කරඹන්නාට ඒත්තු ගන්නනවා. මම සිතන්නේ මෙය සියලු දෙනාම නැරඹිය යුතු සිනමා නිර්මාණයක්. මේක ඇනිමේෂන් Film එකක්. මේ Film එක බලල ඔබේ අදහසුත් මට කියන්න.............

බලන්න කැමති නම් මෙන්න Torrent එක

4 comments:

  1. ඔව් ඔව් ලස්සන චිත්‍රපටිය. මිනිස්සුන්ට වෙන්නෙ ඕක තමා ඔහොම ගියාම. (මම නම් දැනටමත් අර යානෙ ඉන්න මිනිහෙක්ගෙ හැඩේ තමා)

    ReplyDelete
  2. මම බලපු හොඳම ඇනිමේටඩ් මූවි එක. මේක ඔස්කාර්වලින් දින්නද කොහෙද. ඇනිමේෂන් වලට වඩා කතාව පෙන්නන විදිය මරු.

    ReplyDelete
  3. මමත් බලපු ලස්සන කතාවක්

    ReplyDelete
  4. අනිවා... මෙතෙක් හදපු හොදම ඇනිමේටඩ් මූවී එකක්.. 2008 ඔස්කාර් සම්මානයත් හම්බුනා ඕකට..

    ReplyDelete