Friday, December 14, 2012

Power Supply එකක් හඳමුද? 1.25V - 25V 1A


             අද අපි බලමු ඉලෙක්ට්‍රොනික ලෝකයට පියනගන ඕනෑම කෙනෙක් ලග ප්‍රථමයෙන්ම තිබිය යුතු උපාංගයක් අපිම හදාගන්නේ කොහොමද කියල. ඒක තමයි Power Supply එක. ඔයාලට තේනෙවනේ විදුලිය නැතුව ඉලෙක්ට්‍රොනික් ගැන කතා කරන්න බෑ කියල. ඒ වගේම අපි හදන විවිධ පරිපථ සඳහා විවිධ වූ වෝල්ටීයතාවයන් ලබා දෙන්න වෙනව, ඒක නිසා අපිට විචල්‍ය ජව සැපයුමක් තිබුනොත් වඩාත් හොදයි නේද? මේ සඳහා අපිට වෙළඳපොලෙන් පහසුවෙන් ලබා ගත හැකි voltage regulator I.C එකක සහය ලබා ගන්න පුළුවන්.

          මම මේ පරිපථය සඳහා යොදාගත්තේ  LM 317 කියන voltage regulator I.C එක සහ 7805 කියන 5V voltage regulator I.C එකයි. මේ පරිපථයෙන් අපිට 1.25V - 25V දක්වා වූ වච්‍ය වෝල්ටීයතාවයක්ද (එය ඔබ යොදාගන්නා transformer එක මත රදාපවතී) 5V ස්ථිර වොල්ටීයතාවයක්ද ලබා ගත හැකියි. බොහෝ පරිපථ සඳහා 5V අවශ්‍ය වන නිසා මම වෙනමම 5V output එකක් මම එකතු කලා. වැදගත්ම කාරණය තමයි මේ ජව සැපයුමෙන් 1A ධාරවක් ලබා ගත හැකිවීමයි.

අවශ්‍ය දේ....



  • LM 317 I.C with heat sink -- 1
  • 7805 I.C with heat sink ----- 1
  • 24V, 1A Transformer ------- 1
  • 1A Bridge ------------------ 1
  • 2200μF -------------------   1
  • 100μF --------------------   1
  • 10μF ----------------------  1
  • 1μF -----------------------  1
  • 100nF (104)--------------- 1
  • 120Ω --------------------- 1
  • 4.7 kΩ Variable controller with knob -- 1
  • Wire
  • Power supply casing



    මේ අවශ්‍ය හැම දෙයක්ම ඔබට පිටකොටුවේ පළවෙනි හරස් වීදියෙන් හරිම පහසුවෙන් හොයාගන්න පුළුවන්. Transformer එක ගන්න කොට ඔබේ අවශ්‍යතාවයට සරිලන වොල්ටීයතාවයෙන් යුතු නමුත් 1A එකක් තෝරාගන්න ඒ වගේම 30V වලට වඩා වැඩි වොල්ටීයතාවයකින් යුතු Transformer එකක් තෝරාගන්න එපා මොකද අපි භාවිතා කරන LM 317 voltage regulator I.C එකේ උපරිම input voltage එක 40V වන නිසා වගේම 7805 I.C එකේ උපරිම input voltage එක 35V වන නිසා . තව දෙයක් ඔබ වෙළද පොලෙන් මලදී ගත් LM 317 voltage regulator I.C එකේ පාද පිහිටීම මෙහි මම ලබා දී ඇති වර්ගයට වඩා වෙනස් විය හැකි බැවින් ඊට අදාල datasheet එක පළමුවෙන්ම අධ්‍යනය කරන ලෙස මම තරයේම කියා සිටිනව.

datasheets

පරිපථ සටහන 

          මෙහි R2 විචල්‍ය ප්‍රතිරෝධකය සඳහා 4.7K mono linear volume controller එකක් යොදා ගත හැකියි. එහි මැද අග්‍රය හා අනෙක් එක් අග්‍රයක් එකට සම්බන්ධ කර එය සෘණ සැපයුමට පරිපථයේ පරිදි ලබා දෙන්න. අනෙක් අග්‍රය R1 ප්‍රතිරොධකය හා සම්බන්ද කරන්න. ඔබට 4.7K mono volume controller එකක් සොයා ගැනීමට අපහසුනම් 10K දක‍්වා වූ ඔනෑම  mono linear volume controller එකක් යොදාගන්න.


භාගත කිරීමට




       මම පරිපථ සටහන අදිනන වගේම මුද්‍රිත පුවරු සටහනද (P.C.B) අදින්න භාවිතා කලේ Proteus මෘදුකාංගයයි. එය install කර ගැනීමට යම් අපහසුවක් වේ නම් මාව දැනුවත් කරනන. අපි ආයෙත් තවත් ලිපියකින් හමු වෙමු.


4 comments:

  1. ඉලෙක්ට්‍රොනික උපාංග තමන්ටම එකලස් කර ගැනීමේ හැකියාව වර්ධනය කරගැනීම කෙරෙහි උනන්දු වන නවකයන් හට මෙන්ම පළපුරුදු ශිල්පීන්ට ද මෙයින් මූලික සිද්ධාන්ත උගත හැකිය. මෙහි සඳහන් ම්‍රදුකාංගය ගැන ද තොරතුරු ටිකක් එක් කළානම් ඉතාමත් අගෙයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාට, මම ඒ මෘදුකාංග ගැනත් ඉදිරි දවසක පැහැදිලි කරන්නම්.

      Delete