Monday, October 26, 2009

එතිසලාත් ඉන්ටර්නැෂනල් සමාගම ටීගෝ ශ්‍රී ලංකා සමාගමේ මෙහෙයුම් 100%ක්‌ ම පවරා ගනී

උපුටා ගැනීම 26/10/2009 දිවයින

එමීර් රාජ්‍ය පදනම් වූ විදුලි සංදේශ දැවැන්තයකු වන එතිසලාත් (Ethisalath) සමාගම, මිලිකොම් ඉන්ටර්නැෂනල් සමාගමට අයත්ව තිබූ ටීගොඩ ශ්‍රී ලංකා මෙහෙයුම් සියයට 100 ක්‌ම පවරා ගත් බව ටීගෝ ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි දුමින්ද්‍ර රත්නායක මහතා පැවසීය. එතිසලාත් සමාගම වෙළෙඳපොළ ප්‍රාග්ධනය සම්බන්ධයෙන් Financial Times හි ලොවෙහි ප්‍රමුඛතම සමාගම් 500 ශ්‍රේණිගත කිරිමෙහි 140 වැනි ස්‌ථානයේ පසුවන අතර ප්‍රාග්ධනය හා ආදායම සම්බන්ධයෙන් මැද පෙරදිග 2 වැනි ස්‌ථානයේ පසුවන බව Meddie East සඟරාව ශ්‍රේණිගත කරයි. 1976 සිට එක්‌සත් එමීර් රාජ්‍යයේ විදුලි සංදේශ ව්‍යාපාරයෙහි යෙදෙන එතිසලාත් සමාගම, එහි නූතන විදුලි සංදේශ යටිතල පහසුකම් සැපයීමෙන් නව්‍යකරණයෙන් යුත් විදුලි සංදේශ පහසුකම් සපයන්නා බවට පත්ව සිටී. එම සමාගම තම මෙහෙයුම් ඊජිප්තුව හා සවුදි අරාබිය යන මැද පෙරදිග රටවලට ව්‍යාප්ත කළ අතර ඉන්දියාව, පකිස්‌තානය, ඇෆ්ගනිස්‌ථානය, ඉන්දුනිසියාව හා දැන් ශ්‍රී ලංකාව වැනි ආසියානු රටවලටද ව්‍යාප්ත කෙරිණි. රටවල් 17 ක්‌ පුරා ග්‍රාහකයන් මිලියන 90 ක්‌ එම සමාගම සතුව ඇත.මෙම අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් එතිසලාත් සමාගමේ සභාපති මොහොමඩ් හසන් ඔමිරාන් මහතා පැවසුවේ, "මෙම අත්පත් කර ගැනීම එතිසලාත් සමාගමේ පාර්ශ්වකරුවන්ට ඉහළම අගය හා විශිෂ්ට වර්ධන අවස්‌ථාවක්‌ සඳහා වූ ජාත්‍යන්තර ආයෝජන මූලෝපායයන් සම්බන්ධයෙන් කදිම උදාහරණයක්‌. ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්‍ෂේත්‍රයට ඇතුළත්වීම ආසියානු මහද්වීපයට නැඹුරුවීමට ඇති අපේ කැමැත්තත් පෙන්වයි. එයට අමතරව ශ්‍රී ලංකා රජය විදේශ ආයෝජන සඳහා දිරි ගැන්වීම ඉහළ දැමීමද මෙම අත්පත් කර ගැනීමට එක්‌ හේතුවක්‌ වුණා. කදිම ජාලයක්‌ හා සේවා සැපයුමක්‌ සඳහා ප්‍රබල කීර්තියක්‌ හිමි මුහුකුරා ගිය මෙහෙයුම්කරුවකු අත්පත් කර ගැනීමක්‌. විශේෂයෙන්ම අරාබි එක්‌සත් එමීර් රාජ්‍යය, සවුදි අරාබිය හා ඉන්දියාවේ පිහිටි අපේ සෙසු මෙහෙයුම්කරුවන් සමග ඒකාබද්ධවීමටත් මෙය කදිම අවස්‌ථාවක්‌. එමෙන්ම ඉදිරි වසර කිහිපයේදී මෙම සමාගම ජංගම දුරකථන ක්‍ෂේත්‍රයේ ප්‍රමුක ස්‌ථානයට පත් කිරීමට එහි ප්‍රබලත්වය සහතික කිරීමට ආයෝජනය කිරීමටද අපේක්‍ෂා කරනවා. තවද ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ වර්ධනයට ඵලදායි කාර්යභාරයක්‌ සිදු කිරීමටත් අප අඛණ්‌ඩව කටයුතු කරනවා" යන්නය.

මෙම මහත් වර්ධනය පිළිබඳව සතුටට පත් දුමින්ද්‍ර රත්නායක පැවසුවේ "අපේ මීළඟ අදියරයන් සඳහා මෙවැනි බොහෝ සම්පත් පූර්ණ ජාත්‍යන්තර මෙහෙයුම්කරුවකුගේ මෙවැනි සහයෝගයක්‌ සොයමිනුයි සිටියේ. එහෙයින් එතිසලාත්හි පළපුරුද්ද තාක්‍ෂණය, මූල්‍යමය ස්‌ථාවරත්වය හා ක්‍ෂේත්‍රය වැඩිදියුණු කිරීමට දක්‌වන කැපවීම අප වැනි සංවර්ධනයවන වෙළෙඳපොළකට විශාල සහයෝගයක්‌. වඩාත්ම වැදගත් වන්නේ දිවයිනේ සෑම කොටසකමට අප සේවාවන් සැපයීමට ජාලය පුළුල් කිරිමට සේම නිෂ්පාදනය හා සේවා සංවර්ධනයට ආයෝජනය කිරීමෙන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ට එහි ප්‍රතිලාභ ලබාදීමයි" යන්නය.

අපි බලමුකො ඒගොල්ලො අනිත් අයගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියල????????????

1 comment:

  1. Don't expect a miracle from them. Anybody who worked in UAE, know about them, dirty Arabs --Americans are way better, compared to them.

    -formar "sub-con", slave of Dubai

    ReplyDelete