Sunday, November 10, 2013

Windows 8.1 මතදී System Restore කරීම (System Image Backup)



          අපි ගොඩක් දෙනෙක් භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය Microsoft සමාගමේ Windows මෙහෙයුම් පද්ධතියනේ, එහි නවතම සංස්කරණය තමයි Windows 8.1. නමුත් දැනට බොහො දෙනෙක් Windows 7 තමයි තම තමන්ගේ පරිඝණක වලට දාල තියෙන්නේ. (අපිට කොහෙද සල්ලි තියෙන්නේ එන එන එක දාන්න :D). 

        මෙම මෙහෙයුම් පද්ධතිය මතදී අපි මුහුන දෙන ප්‍රධාන ගැටළුවක් තියෙනව ඒ තමයි කාලයත් සමග පරිඝණකය slow වීම. ගොඩක් දෙනෙක් කරන්නේ Format කරල මෙහෙයුම් පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමයි. මේක හරිම කරදරකාරී වගේම වෙලාව කන වැඩක්. මේකට අපිට කරන්න පුළුවන් පොඩි විසඳුමක් තියෙනව, ඒ තමයි System Image Backup එකක් භාවිතා කරල  මෙහෙයුම් පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම. 

            ඉතින් ඒකත් කරන්න අපි System Image Backup එකක් හදාගෙන ඉන්න ඕනනේ, ඒක කරන්න ඕන ඔයාල format කරල අවශ්‍ය කරන සෑම මෘදුකාංගයක්ම හා drivers install කරගත්ත ගමන්මයි. අපි බලමු ඒක කරන්නේ කොහොමඳ කියල. මෙම මෙහිදී බාවිතා කලේ windows 8.1 නමුත් මේ ක්‍රමය අපිට windows 8 වලදී වගේම windows 7 වලදිත් යොදා ගන්න පුළුවන්.

  • මුලින්ම කරන්න ඕන ඔයාල Start menu එකට ගිහින් File History කියල Type කරල File History, window එක ලබා ගැනීමයි.


  • දැන් මෙහෙයුම් පද්ධතිය ටික වෙලාවක් ගනීවි ඔයාල පරිඝණකයට සම්බද්ධ කරල තියෙන Drives අඳුර ගන්න. ඊට පස්සේ එහි පහලම කෙලවරේ තියෙන System Image Backup, link එක click කරන්න.

  • දැන් ඔයාල backup කර ගන්න කැමති ආකාරය තෝරල Next කරන්න එතනදී පරිඝණකයේ Backup කල යුතු Drives අපිට තෝරන්න පුළුවන්. දැන් Next කරල, ඒළග පියවරේදි Create System Back තෝරන් එවිට backup එක ඔබ තෝරා දුන් ස්ථානයේ ඇති වේවි. (ඕකට යයි හොඳ වෙලාවක් :D). 
               අපි Backup එක හඳාගත්තට විතරක් මදිනේ ඕක Restore කර ගන්නත් දැන ගන්න ඕනනේ. ඒක කරන්නේ මේන්න මේ විදහටයි.

  • මේකට ඔයාලට පරිඝණකය Installation mode එකෙන් start කරන්න වෙනව මේ සඳහා windows DVD එකක් භාවිතා කරන්න පුළුවන්. DVD එකෙන් Boot කරල පහත ආකාරය Repair your computer තෝරන්න.

  •  ඊලගට Troubleshoot

  •  දැන් Advanced Options

  • මෙතනදි System Image Recovery.

  • දැන් අපි අවසාන පියවරේ, මෙතනදි Select a system image තෝරල Next කරන්න. දැන් අපි කලින් හදා ගත් system image එකේ path එක දීල System එක Backup image එක හඳපු දවසෙ තත්වයට නැවත රැගෙන යන්න පුළුවන්.
 ඔයාලට ප්‍රශ්ණ තියෙනවානම් Comment එකක් මගින් අහන්න. අයෙත් හමු වෙමු :D

No comments:

Post a Comment