Saturday, December 29, 2012

Video එකක් Rotate කරගමු



        අද කාලේ video recording වලට camcorder එකක්ම ඕන නෑනේ, අද බොහෝ දෙනා smart phones පාවිච්චි කරනව. ඉතින් මේ phone වල තියෙන් විශේෂ පහසුකමක් තමයි HD video recording හැකියාව. ඒක නිසා අද හැමෝටම වගේ හොඳ තත්වයේ Video clip හදාගන්න පුළුවන්. මේ ලිපියට පාදක වුන සිදුවීම වුනේත් ඔය වගේ smart phone එකකින් ගත්ත video එකක් නිසයි. 

          අපේ අයිය ලගත් තියෙන්න apple වර්ගයේ phone එකක්, ඉතින් ඔකෙත් video HD නේ, පොර මේ ලගදි Video එකක් අරගෙන හැබැයි computer එකට දාල බැලුවමයි පොරට තරු පෙනුනේ, ඔය කට්ටියම ඉන්නේ ලස්සනට ඔලුවෙන් හිට ගෙන.... :). phone එකෙන් video කරන කොට ඉහළ, පහළ ගැන ඒ තරම් වැටහීමක් එන්නේ නෑනේ. අනිත් ඒක phone එකේදී ඕන පැත්තකට හරවල බලන්න පුළුවන්නේ ඒක නිසා අව්ලක් නෑ. 

          දැන් මොකද කරන්නේ, පොර ඉතින් ඔය ප්‍රශ්ණෙ අරගෙන ආව මගේ ලගට, මාත් ඉතින් video editing දන්නවද, ඔය වැඩේට අපි දන්න ලොකු ලොකු software තිබුනත් මේ වැඩේට ඕකක් මගේ computer එකට install කරගන්නත් ලෝබයි. දාන්න වෙන්න crack version එකක් නේ. University එනෙක් ලැබුන genuine windows දාගෙන මේ දවස් වල පොඩ්ඩක් genuine වෙලානෙ ඉන්නේ. 

           ඔය වෙලාවේ තමයි මට windows එක්ක එන Movie Maker මතක් වුනේ. මගේ තියෙන්නේ windows 8 professional නේ ඉතින් දන්න සෙල්ලම් ඔක්කොම දාල හෙව්වා හෙව්වා ඒත් කෝ එහෙම එක්ක නෑ කියලමයි කියන්නේ. ඒක වෙන්න බෑනේ, ඒත් පස්සේ තමයි දන්නේ මගේ version එකට වෙනම download කරන්න ඕන කියල ඉතින් මම කළ හැම දෙයක්ම පියවරෙන් පියවරට දාන්නම්. කාට හරි ප්‍රයොජනයක් වෙයි නේ......

පියවර 1
පළමුවෙන්ම කරන්න ඕන ඔයාලගේ computer එකේ Windows Movie Maker තියෙනවද බලන්න. නැත්තම් තමයි ඔයාලට මේ පියවර ටික අදාල වෙන්නේ. තියෙනවනම් ඔයාල පියවර 3 ඉඳල බලන්න.

දැන් මේ web site එකෙන් අදාල version එක download කරගන්න.... http://windows.microsoft.com/en-US/windows/get-movie-maker-download


පියවර 2
දැන් අපි download කර ගත්ත setup එක install කරමු. ඇත්තටම මෙතනදි windows essentials තමයි install කරන්නේ, ඒ package එකට movie maker වගේම තවත් ඒව අඩංගුයි ඔයාල කැමතිනම් ඔක්කොම install කරන්න පුළුවන් නැත්තම් තෝරල install කරන්නත් පුළුවන්.






පියවර 3
දැන් ඒ වැඩ ඔක්කොම හරි, අපි දැන් movie maker open කරගමු. ඊට පස්සේ add videos and photos වලින් අපේ video එක add කරගමු.



දැන් movie maker එක අපේ video එක prepare කරාවි, ඒක ඉවර වෙනකම් ඉන්න.

පියවර 4
දැන් rotate right හරි rotate left හරි භාවිතා කරල අවශ්‍ය විදිහට video එක rotate කරගන්න.


පියවර 5
ඊට පස්සේ සුදුසු format එකකින් video එක save කරගන්න. (හැබැයි ඉතින් windows media video විතරයි මේකේ පුළුවන්)



දැන් ඔක්කෝම හරි, හරිම ලේසියි නේද? ප්‍රශ්ණ, විචාර, විවේචන ඕන දෙයක් comment කරන්න. සැමට ජය.

4 comments:

  1. Use linux :-) and use the Kdenlive video editor or openshot (beginners one)

    Easy to install from software centre and easy to understand 100% genuine :-/

    ReplyDelete
  2. That's good, now linux users also know how to do it. thanks Aiya.

    ReplyDelete
  3. මටත් තිබුණ ගොඩක් ලොකු පුස්නයක් ඕක. .. . මොනිටරය කරකවන්ඩයෑ...

    ReplyDelete
    Replies
    1. ඕකමයි මටත් උනේ....! හික් හික් හික්....!

      Delete