Tuesday, October 5, 2010

Windows 7 භාවිතයෙන් partition වල ඉඩ වෙනස් කර ගමු...









පහු ගිය දවස් වල මට ටිකක් නෙමෙයි ගොඩක් කරදර වුනා. මගේ අහිංසක laptop එක dvd කියවීම නවත්තල දැම්මා ඉතින් උදේ පාන්දරින්ම ගියේ නැතැ Unitiයට අම්මෝ dvd drive එක මාරු කරන්න වෙනවා කිව්වා රුපියල් 8500/= අරගෙන එන්න කිව්වා..... මොනවා කරන්නද මේක නැතුව කොහොමද මම ජීවත් වෙන්නේ... තිබුන අන්තිම සතේට යනකම් වියදම් කරල හදාගෙන ආවා, දැන් නම් බබා වගේ වැඩ.. ගාන තමයි ඉතින් ටිකක් සැර.


ඒවා ඉවරයි දැන් අපි මම අද කියන්න යන දේ ගැන කතා කරමුකෝ. සමහර වෙලාවට අපිට අපේ HDD එකේ partition වල ඉඩ කඩ වෙනස් කරගන්න ඕන වෙනවා. මේකට විවිධ මෘදුකාංග මගින් විසදුම් හොයාගන්න පුලුවන් ඒත් අපිට මේ සදහා වෙනත් මෘදුකාංගයක සහය නැතුව windows මෙහෙයුම් පද්ධතිය හරහාම කරගන්න පුලුවන්.

  • පළමුව කරන්න ඕන my computer, right click කරල manage window එක ලබා ගැනීම.
  • එවිට පහත පරිදි දිස්වේවි.
  • එහි Disk Management තෝරාගන්න.
  • මෙහි අපේ HDD එකේ partition වල විස්තර දිස් වෙනව. පහත රූපයේ පරිදි අවශ්‍ය HDD එකේ partition එක right click කර shrink volume මගින් එම partition එකේ හිස් ඉඩ unpartitioned space එකක් ලෙස වෙන් කර ගත හැකියි.
  • ඒ වාගේ ඉඩ වැඩි කර ගත යුතු HDD එකේ partition එක right click කර extend volume තෝරා ගැනීම මගින් පෙර සකස් කර ගත් unallocated space මේ HDD partition එකට එකතු කර ගන්න පුලුවන්.
  • මේලෙස වෙනස් කම් කල හැක්කේ මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර නොමැති HDD එකේ partition සදහා පමණයි.
  • ඒ වගේම තවත් වෙනස් කම් සහ විස්තර මෙමගින් කරන්න පුලුවන්.
ඔයාලගේ අදහසුත් මට කියන්නකෝ..........

No comments:

Post a Comment