Tuesday, April 20, 2010

WINDOWS වලින් මිදුනෙමි.


මමත් දැන් නිදහස්............. මෙච්චර කල් පාවිච්චි කලේ අර ප්‍රසිද්ධ සමාගමේ හොර copy නේ. මොකටද අපි හොරු වෙන්නේ නිදහස් මෘදුකාංග තියෙද්දි. windows වලට වගේම ubuntu වලටත් අපිට ඕන කරන හැම මෘදුකාංගයක් වගේම operating system එකත් එක්කම ලැබෙනව ඒක නිසා ඒවා වෙන වෙනම install කරන්න ඕන නැහැ. ඒක මට නම් ලොකු පහසුවක්. මෙකද වෙලාවත් ඉතුරුයිනේ. දැන් මම බලාගෙන ඉන්නේ ubuntu වල මීලග සංස්කරනය වන ubuntu 10.04 LTS එනකම්. ඒකට තව දවස් නවයක් තියෙනව. මම නම් දන්න කියන හැම දෙනාටම කියන්නෙ වහල් බවින් මිදිල නිදහස් මෘදුකාංග වලට හුරු වෙන්න කියල.
Ubuntu මෙහෙයුම් පද්ධතිය install කරගත්ත ගමන් media files (mp3, avi,.....etc) වැඩ කරන්නේ නැහැ මොකද මේ codecs නොමිලේ දෙන ඒවා නෙමෙයි. අපිට ඒක දැනෙන්නේ නැත්තේ windows එක්ක ඒවා ලැබෙන නිසා. ඒත් මේක හදා ගන්න එක හරිම ලේසියි. ඒ ගැන මම මීලග ලිපියෙන් කියන්නම්කො!.
හොද වේගවත් Internet connection එකක් තියෙනවා නම් ගොඩක් හොදයි, මොකද windows වලට වගේ නෙමෙයි නිදහස් මෘදුකාංග වලට නිතරම updates ලැබෙනව. ඒ වගේම MS Office පැකේජයට සමාන open office පැකේජය නොමිලේම ලැබෙනව. ඒවාට වෙන වෙනම සල්ලි ගෙවන්න ඕනෙත් නැහැ.

මේ link එකෙන් ubuntu download කර ගන්න. Ubuntu 9.10

මේ link එකෙන් ubuntu CD ගෙරටම නෙමිලේ ගෙන්න ගන්න. Ubuntu 9.10 CD

ඔයාලට download කරගන්න පුලුවන් කම තියෙනවා නම් CD ගෙන්න ගන්න එපා ඒක නොමිලේ දෙන නිසා. මොකද ඒ සමාගම මේ සදහා විශාල මුදලක් වියදම් කරන්න මෙනවා. ඔයාලගේ අදහසුත් මට කියන්න. ඒවා මට ගොඩක් වටිනව.

3 comments:

  1. ලිනක්ස් ලොවට සාදරයෙන් පිළිගන්නව මිත්‍රයා !

    මේ... ඒක නෙමේ, Word Verification අයින් කරමුද ?

    ReplyDelete
  2. නියමයි... අපි මොකටද හොරු වේන්නේ.. කෙලින්ම සුපර් උබුන්ටු සංස්කරණය පිහිටුවාගත්තම අමුතුවෙන් කොඩැක් ගන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ. හැබැයි ඒ සංස්කරණය සී.ඩී. ගෙදරට එවන්නේ නෑ. ඩවුන්ලෝඩ් කරන්නම වෙනවා... කොහොම උනත් විවෘත්ත මෘදුකාංග ලෝකයට සාදරයෙන් පිලිගන්නවා......

    තර්ඩ් මෑන් කිවුවත් වගේ කමෙන්ට් කිරීම ටිකක් පහසු කලොත් නරකද....

    ReplyDelete
  3. බොහොම ස්තූතියි. සියලු දෙනාට......!

    ReplyDelete