අද මම මේ ලිපියෙන් කියන්න හදන්නේ අද ගොඩක් දෙනෙක් Internet යන්න පාවිච්චි කරන HSDPA modem එකක් Ubuntu මෙහෙයුම් පද්ධතිය තුලදී සකස් කර ගන්නේ කියල. මේකත් හරිම ලේසි වැඩක්. මම මේ සදහා යොදා ගත්තේ Huawei E160 HSDPA Modem එක. ඒ වගේම යොදා ගන්නේ ubuntu 10.04 මෙහෙයුම් පද්ධතිය.
පියවර 1 මුලින්ම Modem එක computer එකේ usb port එකට සම්බන්ධ කරන්න. ඊට පස්සේ ටික වෙලාවක් ඉවස්න්න වෙනව modem එක start වෙනකම්. මොකද මේකත් phone එකක් වගේනේ on කල ගමන් වැඩ කරන්න බැහැ. ටික වෙලාවකින් desktop එකේ පහත දැක්වෙන පරිදි icon (Mobile Partner) එකක් දිස්වෙයි. ඒ කියන්නේ ඔබේ Modem එක සාර්ථකව මෙහෙයුම් පද්ධතිය මගින් හදුනාගෙන ඇති බවයි. එහෙම වුනේ නැත්තම් ඉතින් වැඩේ ටිකක් අමාරු වෙනව.

දැන් ඉහල task bar එකේ දිස් වෙන පහත රූපයේ පෙන්වා ඇති network icon එක මත click කරන්න.

ඊට පස්සේ ලැබෙන drop down menu එකෙන් New Mobile Broadband (GSM) Connection මත click කරන්න.

එවිට පහත window එක ලැබේවි එය කියවා බලා forward කරන්න.

එවිට මෙම modem එක බාවිතා කරන රට තේරීමට window එකක් ලැබේවි. එයින් country සදහා Sri Lanka යයි තෝරා ගන්න. ඉන් පසු forward කරන්න.

එවිට ලැබෙන window එකේ දී ඔබ භාවිතා කරන Service Provider තෝරා ගන්න. ඉන් පසු forward කරන්න. අපේ රටේ භාවිතා වන සියළුම Service Providers මෙහි සදහන් කොට ඇති බැවින් manually තෝරා ගැනීමක් කල යුතු නොවේ. මම භාවිතා කරන්නේ mobitel එකක් නිසා මම ඒක තෝරා ගත්තා.

දැන් ලැබෙන window එකෙන් ඔබේ billing plan එක තෝරා ගන්න. එහිට පහත text box එකේ ඔබේ APN එක නිවැරදිව දිස් වේදැයි බලන්න. නොමැති නම් select your plan හි ඇති my plan is not listed තෝරා ගන්න එවිට පහතින් ඇති text box එක අපට type කල හැකි ආකාරයට වෙනස් වෙයි. එහි එබේ APN එක type කර forward කරන්න.

දැන් ඔබට ලැබෙන window එකෙහි ඔබ ලබා දුන් විස්තර වල සාරාංශයක් පෙන්වයි. ඒවා නිවැරදි නම් Apply button එක click කරන්න. එසේ නොවේ නම් back button එක click කර නැවත අදාල තැනට ගොස් එය නිවැරදි කර ගන්න.





මොනවා කලත් e1550 වැඩ නැහැනේ ....
ReplyDeleteProlink modem එකක් configure කරගන්න විදිය දාන්න බැරිද..
ReplyDeleteඔයාට පුලුවන්නම් මට ලොකු උදවුවක් කරනවද...?මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමේ.ඔයාට පුලුවන්නම් උබුන්‍ටු වල slt cdma මොඩෙම්1 ස්තාපනය කරන හැටි කියල දෙනවද...?
ReplyDelete@ Anonymous
ReplyDeleteමගේ යාළුවෙක්ගේ e 1550 එකක් මේ විදිහට පාවිකරනව.
@ ගිහාන් සහ රොෂාන් එරංග
ඔයාගේ modem එකේ model number එක කියන්න මම හොයන්නම් ඒ ගැන.
Mobile Partner wala, Windows Mac දෙකේම connection type එක සෙට් කරන්න පුළුවන්. Eg . WCDMA and GPRS , WCDMA Only . අයුරින්. මේ දේLinux (Ubuntu) වල කරන්නේ කොහොමද?
ReplyDeleteමං ඒක දන්නෙ නම් නෑ.මේක ඉන්බුඉල්ඩ් එකක් වෙන්න ඕනි.SLT CDMA AIJI SYSTEM AP110 කියලා එකක්.ලොකු උදවුවක් ඔයාට මේක කරලා දෙන්න පුලුවන් නම්.
ReplyDelete@ රොෂාන් සහ Anonymous
ReplyDeleteමම ඒ ගැන හොයල කියන්නම්.(මමත් ඉතින් ගොඩක් දේවල් දන්නේ නැහැ)
ඔව් e1550 මොනවා කලත් වැඩ නැහැ එකම විදිහ ඩයල් කරලා යනඑක මල වදයක්......
ReplyDelete