සංශෝදිත නැවත පලකිරීමකි..........
මමත් දැන් නිදහස්............. මෙච්චර කල් පාවිච්චි කලේ අර ප්‍රසිද්ධ සමාගමේ හොර copy නේ. මොකටද අපි හොරු වෙන්නේ නිදහස් මෘදුකාංග තියෙද්දි. windows වලට වගේ නෙමෙයි ubuntu වලට අපිට ඕන කරන හැම මෘදුකාංගයක් වගේම operating system එකත් එක්කම ලැබෙනව ඒක නිසා ඒවා වෙන වෙනම install කරන්න ඕන නැහැ. ඒක මට නම් ලොකු පහසුවක්. මෙකද වෙලාවත් ඉතුරුයිනේ. දැන් මම පාවිච්චි කරන්නේ ubuntu 10.04 LTS සංස්කරනය. මම නම් දන්න කියන හැම දෙනාටම කියන්නෙ වහල් බවින් මිදිල නිදහස් මෘදුකාංග වලට හුරු වෙන්න කියල.
Ubuntu මෙහෙයුම් පද්ධතිය install කරගත්ත ගමන් media files (mp3, avi,.....etc) වැඩ කරන්නේ නැහැ මොකද මේ codecs නොමිලේ දෙන ඒවා නෙමෙයි. අපිට ඒක දැනෙන්නේ නැත්තේ windows එක්ක ඒවා ලැබෙන නිසා. ඒත් මේක හදා ගන්න එක හරිම ලේසියි. ඒ ගැන මම මීලග ලිපියෙන් කියන්නම්කො!.
හොද වේගවත් Internet connection එකක් තියෙනවා නම් ගොඩක් හොදයි, මොකද windows වලට වගේ නෙමෙයි නිදහස් මෘදුකාංග වලට නිතරම updates ලැබෙනව. ඒ වගේම MS Office පැකේජයට සමාන open office පැකේජය නොමිලේම ලැබෙනව. ඒවාට වෙන වෙනම සල්ලි ගෙවන්න ඕනෙත් නැහැ.
මේ link එකෙන් ubuntu download කර ගන්න. Ubuntu 10.04
මේ link එකෙන් ubuntu CD ගෙරටම නෙමිලේ ගෙන්න ගන්න. Ubuntu 10.04 CD
ඔයාලට download කරගන්න පුලුවන් කම තියෙනවා නම් CD ගෙන්න ගන්න එපා ඒක නොමිලේ දෙන නිසා. මොකද ඒ සමාගම මේ සදහා විශාල මුදලක් වියදම් කරන්න මෙනවා. ඔයාලගේ අදහසුත් මට කියන්න. ඒවා මට ගොඩක් වටිනව.
මේ ලිපිය අයෙත් පල කලේ මේ ලිපි පෙල දිගටම ලියන්න හිටියත් බැරි වුන නිසයි. මම දැන් බලා පොරොත්තු වෙනවා මේ ලිපි පෙල දිගමට ලියන්න පුලුවන් වේවි කියල.
නිදහස් ලෝකයට සාදරයෙන් පිළිගනිමු.
ReplyDeleteලිනක්ස් තරම් පර්සනලයිස් කරගන්න පුලුවන් කස්ටමයිස් කරගන්න පුලුවන් මෙහෙයුම් පද්දතියක් තවත් නැහැ.විවෘත මෘදුකාංග වලට ජයවේවා!
ගඟෙන් හොරෙන් වතුර බී මුහුදට ආවැඩීම කියලා කතාවක් හදන්න වෙයි වගේ :P වින්ඩෝස් වලින් මෙච්චර දවසක් ඉගෙන ගෙන ලිනක්ස් වලට ගිය හැම පඬියාම ඔය කතාව කියනවා. අම්මෝ මාත් නිදහස් උනා කියලා. :D
ReplyDelete@කණියා:
ReplyDeleteඒ කතාවනම් සහතික ඇත්ත.....
මම නං නිදහස් කියල හරියට හිරෙන් නිදහස් උනා වගේ කියන්නේ හරියට මෙච්චර දවස් සල්ලි දීල වින්ඩෝස් අරං දැං ෆොස් වලට ඇවිත් වගේ..............
සහන්, නිදහස් මෘදුකාංග කියන්නෙ මුදල් වලින් නිදහස් වීම විතරක් නෙමෙයි නේ. අපි වින්ඩෝස් පාවිච්චි කරන හැම වෙලාවකම හිතේ තියෙන්නෙ මම හොරෙක් කියලනේ මාධව හිරෙන් නිදහස් උනා වගේ දැනෙන්නේ ඒක නිසා වෙන්න ඇති.
ReplyDeleteමාධව, මම ඔයාගෙ ලිපි පෙළ දිගටම බලාපොරොත්තු වෙනවා. මම දෙසැරයක් වින්ඩෝස් වලින් අයින් වෙන්න උබුන්ටු දාලා අනාගත්තා. සමහර වෙලාවට නිදහස් මෘදුකාංග ගැන මහා ලොකු දේශන පවත්වන අයගෙන් උබුන්ටු වල ඩයල් අප් හදාගන්න හැටි, සිංහල දානහැටි ඇහුවම මේල් එක නොදැක්ක වගේ ඉන්නවා. ඔයාට පුළුවන්නම් උබුන්ටු වලින් ජාලයට යන හැටි. සිංහල දාගන්න හැටි වගේ පුංචි දේවල් සරලව අපිට කියල දෙන්න. අපි පරිගණක විශාරදයො නෙමෙයි නේ. දිගටම ලියන්න. සුභ දවසක්.
නියමායි.
ReplyDeleteමමත් මාරු උන මුල් දවස්වල මටත් ඔය එක එක ප්‍රශ්න තිබුන. ඒත් ෆීල්ඩ් එකේ වැඩ්ඩො මට උදව් කරා.
ඒ වෙද්දි ජනේල වලටත් මම ආදුනිකයෙක් නිසා ලිනක්ස් අල්ලල ගියා.
සතුටට කාරණේ දැන් මට ජනේල වල මොකුත් වැඩක් කරගන්න බෑ.............
මදාවි ලමයාට ජයවේවා...බාන්න තැන් හරි ගන්න තැන් හරි කියල දෙන්ට...
ReplyDeleteඔය ලිනක්ස් වර්සන් 4කම සි0හල යුනිකෝඩ් වැරදියට පේන්නෙ...(8.10,9.04,9.10,10.04) ඒව හරියට පේන විදිහටම එවන්න කියල සොෆ්ට්වෙයාර් ඉ0ගිරිසි එහෙම දන්න එකෙක් කිව්වොත් ඒ මනුස්සයො කරයි නේද? එතකොට අපිට ඉන්ස්ටොල් නොකර අනුන්ගෙ මැසිමක් උනත් හදිසියකට අර0 සි0හල කේලම් ටික බලාගත හැකි නෙව...
ReplyDelete@ දයියා "සමහර වෙලාවට නිදහස් මෘදුකාංග ගැන මහා ලොකු දේශන පවත්වන අයගෙන් උබුන්ටු වල ඩයල් අප් හදාගන්න හැටි, සිංහල දානහැටි ඇහුවම මේල් එක නොදැක්ක වගේ ඉන්නවා."
ReplyDeleteඒක නම් ඇත්ත. මගේ Mobitel HSDPA Modem එක Linux වල install කරගන්න බැරි එක තමයි Linux වලට යන්න බැරි එකම හේතුව...
“හොද වේගවත් Internet connection එකක් තියෙනවා නම් ගොඩක් හොදයි, මොකද windows වලට වගේ නෙමෙයි නිදහස් මෘදුකාංග වලට නිතරම updates ලැබෙනව.“
ReplyDeleteඇයි ඒ විතරක් නෙමෙයි, හැම සොෆ්ට්වෙයා එකම ඉන්ස්ටෝල් කරනකොට බාගයක් නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න වෙනවනෙ. ඉතිං ෆාස්ට් කෙසේවෙතත් අන්ලිමිටඩ් නෙට් කනෙක්ෂන් එකක් නං අත්‍යාවශ්‍යයි :D
මචා ඔයාට ඔය කෑල්ල ගහල ඉන්ට්‍රනෙට් යන හැටි මම මගේ බ්ලොග් එකෙ සතියකින් දමන්නම්...වෙලාව යන්නෙ ස්ක්‍රින් සොට් එහෙම දමන්න තියෙන නිසා ...මගෙ බ්ලොගට සතියක් සැට් වෙලා හිටු ....http://ansathudinapotha.blogspot.com/
ReplyDelete@ තිර්ථ යාත්‍රිකයා
ReplyDeleteබොහොම ස්තූතියි. ඇත්තටම ubuntu මෙහෙයුම් පද්දතියේ interface එක windows 7 වල වගේ වෙන්න හදන්න පුලුවන් ඒක හරිම ලේසියි. විවෘත මෘදුකාංග වලට ජය වේවා......!
@ කණියා, සහන්
අපි වින්ඩෝස් වලින් ඉගෙන ගත්තා තමයි ඒ වගේම වින්ඩෝස් වල නරක, වැරදි, අඩු පාඩුත් දැන් දන්නවා... ඒ දවස් වල වින්ඩෝස් වලින් පිට මෙහෙයුම් පද්ධතියක් අපි දැනගෙන හිටියේ නැහැ. අපිට කියල දුන්න අයවත් දැනගෙන හිටියේ නැහැ. මම මේ ලිපි වලින් බලාපොරොත්තු වෙන්නේ වින්ඩෝස් වලින් ඉවත් වෙන්න කැමති අයට උදවි කරන්නයි ඒ ගැන බයක් තියෙනවා නම් ඒක නැති කරන්නයි.
@දයියා
මට පුලුවන් උපරිමයෙන්ම මම ඔයාලට උදව් කරනවා මමත් විශාරදයෙක් නෙමෙයි ඒත් දන්න දේ මම හොයා ගත්ත දේවල් කියල දෙන්නම්. දන්නේ නැති දේවල් හොයල හරි කියල දෙන්නම්කෝ... සුබ පතනවා.....!
@චානු
Ubuntu වලට මුලදි ටිකක් හුරු වෙන්න අමාරු වෙයි ඒ නුපුරුදු නිසා ඒත් ඒක හරි යනවා...හැබැයි ජනෙලුත් අමතක කරන්න එපා හදිස්සියකට ඒ කෙනුත් මොනව හරි කරගන්න පුලුවන් කම තියෙන්න ඔනනේ.....
@කළු
ඔයාගේ ඉල්ලීම පැහැදිලි මදි. ubuntu බාගන්න නම් මම links ලිපියෙම සදහන් කරල තියෙනවානේ.
මුලින් අපිට 250 මෙගාබයිට් විතර අප්ඩෙට් එකක් දමාගන්න වෙනව ඊට පස්සෙ මාසෙටම 20-30 ක් මෙගාබයිට් වාගෙ තමා යන්නෙ වින්ඩෝස්වලින් වයිරස් ගාඩ් අප්ඩේට් කරනව වාගෙ...මට තියෙන්නෙත් ජ0ගම 3ජි කෑල්ලක් ඒකෙන් ඕනි විඩිහට වැඩ...අනික මැල්වෙයාර් ඇටෑක් පොප් අප් නැති නිසා වීඩියො නොබල මහ පයිල් ඩවුන් නොකර හොඳ බබාල වාගෙ ඊ මේල් ,මූනුපොත,බ්ලොග් ගල් වාගෙ එව්ව මාසෙම බැලුවත් 1ජීබී එකෙන් සේප් වෙත හැකි උබන්ටු නිසා....
ReplyDelete@indi
ReplyDeleteඔය sinhala unicode ගැටළුව විසද ගන්න ඒක හරිම ලේසිය් මම ඒක ඉදිරි ලිපියකින් කියන්නම්.
@Anonymous
මමත් net යන්නේ HSDPA Modem එකකින් තමයි. මගේ ඒක configure කරගත්ත හැටි මම ඉදිරි ලිපියකින් දාන්නම්. ඔයාගේ HSDPA Modem එකේ විස්තර දෙනවා නම් ඒක ගැන විශේෂයෙන්ම හොයල කියන්නම්.
@Anonymous
ඔව් එහෙම දෙයක් තියෙනවා තමයි. ඒත් අවශ්‍ය මූලික මෘදුතාංග සියල්ලම මගේ මෙහෙයුම් පද්ධතියත් එක්කම ස්ථාපිත වෙන නිසා එකෙන් කරදරයක් නැහැ. විශේෂිත ඒවා විතරයි එහෙම ගන්න ඕන කරන්නේ. එහෙම ගත්තත් unlimited connection එකක් නම් ඕන කරන්නේ නැහැ.
@ indi
ReplyDeleteබොහොම ස්තූතිය් ඒගැන විස්තර කරාට.
කවුරු හරි පුලුවන් නම් slt dial-up connection1 ඒකෙ හදගන්න විඩිය කියල දෙන්න.roshaneranga@gmail.comමගෙ e.mail1.මට උබුන්‍ටු cd එකක් තිබිලත් දාගන්න බැරි උනේ ඒකයි.ලොකු උදවුවක් ඒක කරන්න පුලුවන් නම්.
ReplyDeletepuluwannam sinhala daganna hati ikmanata kiyanna. mama me mase 1wenida ubuntu damma. eda indala blog 1k liyaganna baruwa inne.
ReplyDelete@ රොෂාන්, විදුර
ReplyDeleteඔය දෙන්නටම මම පුලුවන් තරම් ඉක්මනින් උදව් කරන්නම්. මුලින්ම මම සිංහල දාගන්න හැටි කියල දෙන්නම්.
ලොකු උදවුවක් ඔයාට ඒක කරන්න පුලුවන් නම්. අපෙ පැත්තට 3g coverage නැහැ.ඒ වගේම adsl නැහැ.ඒකනෙ මේ අවුල..විතුරට තියෙන ප්‍රශ්නෙ මටත් තියෙනවා.
ReplyDeleteබොහොම ස්තූතියි ඔයාට උදවු කරන්න පුලුවන් නම්.